ශ්‍රී ලංකාවේ යටත් විජිත ඉතිහාසය - 01

පෘතුගීසින්ගේ පැමිණීම

දීර්ඝ ඉතිහායකට උරුමකම් කියන ශ්‍රී ලංකාව විජය කුමරු ගේ පැමිණීමෙන් පසු රාජාණ්ඩුක්‍රමයක් යටතේ පාලනය විය. ක්‍රි.පූ.6 වන සියවසේ සිට ක්‍රි.ව.1505 දක්වා වූ කාලය සමස්ථ ලංකාවම රාජාණ්ඩු ක්‍රමයක් යටතේ පාලනය වූ නමුදු 1505න් පසු ලංකාව විවිධ බටහිර ජාතීන්ගේ පාලනයට නතු විය. ලංකා ඉතිහාසය දෙස විමසා බැලීමේදී බටහිර ජාතින් වර්ග 03ක් ලංකාව සිය පාලනයට නතු කරගෙන ඇත. එම ජාතීන් වන්නේ
                           01. පෘතුග්‍ීසින්
                           02. ලන්දේසීන්
                           03. ඉංග්‍රීසින් ය.

අප පළමුව පෘතුග්‍ීසීනගේ පැමිණීම පිළිබඳව විමසා බලමු. එහිදී පෘතුග්‍රීසින් යනු කරෙක්දැයි හඳුනා ගැනීම වැදගත්වේ.

යුරෝපා මහද්විපයට අයත් අයිබීරියානු අර්ධද්වීපයේ බටහිරට වන්නට පිහිටි රටක් ලෙස පෘතුගාලය හඳුනා ගත හැකිය. ස්වභාවික සම්පත් බහුල නොවිමත් කාර්මික නිශ්පාදන වල හිඟකමත් හේතු කොට ගෙන මුල් යුගයේ පෘතුගාලය දිළිඳු රටක් විය. රෝමේ අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවැති පෘතුගාලය රෝම අධිරාජ්‍යයේ බිඳ වැටිමෙන් පසු විසිගොත්වරුන් ගේ අණසකට නතු විය. පසු කාලිනව අරාබි මුස්ලිම් ආධිපත්‍යයට යටත් වු පෘතුගාලය ඉන් නිදහස්ව විවිධ යුග ගණනාවක් පසු කරමින් ස්වාධින රාජ්‍යයක් ගොඩනැගීමට කටයුතු කරන ලදි. ඉන් පසු  දේශ ගවේශනයත් වෙළඳ කටයුතු වල දියුණුවක් අත්පත් කර ගැනිමත් සමග පෘතුගාලය වෙනස් මගකට යොමු විය. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ   දොන් පේද්‍රෝ රජුගේ පුත්‍රයෙකු වු නාවික හෙන්රිය.
1960 වර්ෂයේ නාවාක හෙන්රි මිය ගිය නමුත් මහු විසින් ආරම්භ කරන ලද නාවුක පරයේෂණ ඉදිරියටත් ගෙන යනු ලැබිණි. එහි ප්‍රතිඵලයක් ‍ස 1487 දී බර්තොලමියු දියස් ශුභ ප්‍රාර්ථනා තුඩුවට ළඟා විය.  මේ අනුව සිය දේශ ගවේශනයන් සිදු කළ පෘතුගීසින් ආසියාකරයට සමීප වූයේ තම වෙළඳාම වැඩි දියුණු කර ගැනිමත් අරමුණු කර ගනිමින්ය. 1453 දී කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කීන් අතට පත්විමත් යුෝපීය රටවල පර දිග භාණ්ඩ සඳහා පැවති අධික ඉල්ලුමත් තරඟකාරි දේශ ේශන ව්‍ාපාරයත් මුස්ලිම්වරු ලැබූ අධික ලාබයතොවුහු ෙරදිගට පැමිණිමට බලපෑම් කළ හේතු සාධාක විය.

පෘතුග්‍රීසින් හා ලංකාව.

යුරෝපීය ජාතිකයන් ලංකාවට පැමිණෙන විට මෙරට පැවතියේ රාජාණ්ඩු පාලන ක්‍රමයකි. මෙම යුගය වැඩවසම් ලක්ෂණ සහිත වූ අතර අතීත මූලාශ්‍ර වලට අනුව ම යුගය අස්ථාවර ස්වභාවයක් ගනු ලැබිණි. මෙම කාලය වන විට ලංකාව ප්‍රධාන ඒකක 03 කට බදා තිබුණි.
01. කෝට්ටෙ
02.උඩරට
03. යාපනය

මීට අමතරව වන්නියාර් වරු වන්නි ප්‍රෙද්ශ කිහිපයක්ද තම පාලනය යටතේ ගෙන ගිය බව සදහන් වේ. කෝට්ටේ ‍ම පාලන ඒකක අතුරින් ප්‍රබල ස්වභාවයක් දැරූ අතර නෙක් රාජ්‍යයන් කප්පම් ‍වනු ලැබීය. එහෙත් වරින් වර එම රාජ්‍යයන් ස්වාධින වීමටද උත්සහ දරා ඇත. 8 වන වීර පරාක්‍රම භාහු ප්රධාන රාජ්‍යෙය් පාලකයා වූ අතරසේනා සම්මත වික්‍රමභාහු උඩරට පාලනය ගෙන යන  ලදී. යාපනය පරරාජසේකරම් පාලනය කළ අතර වන්නි ප්‍රාද්ශ වන්නියාර්වරු විසින් පාලනය කරන ලදී. සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය මෙන්ම වාණිජ අංශයද ආර්ථිකයට දායකත්වයක් සැපයූමෙම යුගයේ ජාත්‍යන්තර වෙළඳාම ජනප්‍රිය කරමින් මුස්ලිම්වරු ඒකාධිකාරයක් ගොඩනගා ගෙන තිබුණි.

පෘතුග්‍රීසින් ලංකාවේ වෙරළබඩ පාලනය අත්පත් කර ගත් අයුරු ඉදිරි ලිපියෙන්.......









චාමර රාජපක්ෂ
දේශපාලන විද්‍යාව
හා ඉතිහාසය දේශක

Comments