Posts

ශ්‍රී ලංකාවේ යටත් විජිත ඉතිහාසය - 01

Image
පෘතුගීසින්ගේ පැමිණීම දීර්ඝ ඉතිහායකට උරුමකම් කියන ශ්‍රී ලංකාව විජය කුමරු ගේ පැමිණීමෙන් පසු රාජාණ්ඩුක්‍රමයක් යටතේ පාලනය විය. ක්‍රි.පූ.6 වන සියවසේ සිට ක්‍රි.ව.1505 දක්වා වූ කාලය සමස්ථ ලංකාවම රාජාණ්ඩු ක්‍රමයක් යටතේ පාලනය වූ නමුදු 1505න් පසු ලංකාව විවිධ බටහිර ජාතීන්ගේ පාලනයට නතු විය. ලංකා ඉතිහාසය දෙස විමසා බැලීමේදී බටහිර ජාතින් වර්ග 03ක් ලංකාව සිය පාලනයට නතු කරගෙන ඇත. එම ජාතීන් වන්නේ                            01. පෘතුග්‍ීසින්                            02. ලන්දේසීන්                            03. ඉංග්‍රීසින් ය. අප පළමුව පෘතුග්‍ීසීනගේ පැමිණීම පිළිබඳව විමසා බලමු. එහිදී පෘතුග්‍රීසින් යනු කරෙක්දැයි හඳුනා ගැනීම වැදගත්වේ. යුරෝපා මහද්විපයට අයත් අයිබීරියානු අර්ධද්වීපයේ බටහිරට වන්නට පිහිටි රටක් ලෙස පෘතුගාලය හඳුනා ගත හැකිය. ස්වභාවික සම්පත් බහුල නොවිමත් කාර්මික නිශ්පාදන වල හිඟකමත් හේතු කොට ගෙන මුල් යුගයේ පෘතුගාලය දිළිඳු රටක් විය. රෝමේ අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවැති පෘතුගාලය රෝම අධිරාජ්‍යයේ බිඳ වැටිමෙන් පසු විසිගොත්වරුන් ගේ අණසකට නතු විය. පසු කාලිනව අරාබි මුස්ලිම් ආධිපත්‍යයට යටත